(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වු සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 64 දෙනෙකු මේ මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.
ඒ මඩකලපුව මහේස්ත්රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද විමර්ශන වලදි මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.








