FAST NEWS

24×7 Around the Globe

නිදහස් උළෙල පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ 72 වන ජාතික දින උළෙල 2020 පෙබරවාරි මස 04 වන දින කොළඹ – 07, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

නිදහස් දින උළෙලට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඊයේ (18) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.