FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ අවධානය මේ වනවිට පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් යොමුවී තිබේ.

පසුගියදා ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අතර ඊට එම අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂම් සභාවේ නිලධාරීන් එක්ව සිටියේය.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අදාල සංශෝධන පාර්ලිමේන්තුව තුලින් සම්මත විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඊට අදාල උපදෙස් සහ යෝජනා නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව ලබාදෙන බවයි.