FAST NEWS

24×7 Around the Globe

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවමින් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක්ද නම් කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය