FAST NEWS

24×7 Around the Globe

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (19) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සියළු සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කර ඇත.

රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බව එහිදී අනාවරණ වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඒ මොහොතේදීම වහා රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් අලෙවි කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබේ.