(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (18) රාත්‍රියේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත.
ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේය.
පාඨලී චම්පික රණවක නීතිපතිවරයාගේ උපදෙස් මත බත්තරමුල්ලේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.
පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි 10.00ට පමණ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඇය නියෝග කළේ අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අද (19) දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.








