(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 04.00ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවට වාර්තා වේ.
මෙම රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතවයි.








