FAST NEWS

24×7 Around the Globe

TNA විශේෂ හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ජනාධිපතිවරණයෙන් පසුව ඊයේ (16) යාපනයේදී පළමුවරට රැස්ව තිබේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ වන ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂවල නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

ඉදිරියේදී මෙම පක්ෂ 3 ම එක්ව මහ මැතිවරණයට තරඟ කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර තිබේ.