(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රමවේදය යටතේ දිස්ත්‍රික් පදනම අහෝසි කර පාසල් පදනම මත විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට ඇති තීරණය ප්‍රායෝගික නොවන බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවසයි.
විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා ගන්නා සියළු සිසු සිසුවියන් බදවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කරන ලෙස එහි ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියන් කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළෝය.
පසුගිය 10 වන දා පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීමට දිස්ත්‍රික් පදනම මත භාවිතා කරන Z – Score ක්‍රමවේදය අහෝසි කිරීමට තීරණය කරනු ලැබුවේය.








