FAST NEWS

24×7 Around the Globe

එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් සහ සජිත් අතර හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (17) පැවැත්වේ.

අද කොළඹදී එම හමුව පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා තිබේ.

මෙහිදී වැඩි අවධානයක් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය හා ඉදිරි මහ මැතිවරණය ඇතුළු කාරණා සම්බන්ධයෙන් යොමු කරනු ඇත.