FAST NEWS

24×7 Around the Globe

තානාපති නිලධාරිනියගේ කටයුතු පිළිබඳ ස්විස් රජයෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මේ වන විට වැලිකඩ කාන්තා බන්ධනාගාරයට යොමුකර තිබේ.

ඊයේ (16) දිනයේ සිට දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඇය රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

මෙම නිලධාරිනිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තමන් දැඩි අවධානයකින් පසුවන බව ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනුයේ මෙරට නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඇයගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සහතික කිරිම මෙරට අධිකරණය සතු වගකීමක් බවයි.