(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර නිලධාරීන් සිදුකල වෙඩි තැබීමකදී හෝමාගම අධිකරණ භූමියෙන් පළායාමට තැත්කල රැඳවියෙකු තුවාල ලබා තිබේ.
මේ වනවිට ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා රැගෙනවිත් තිබූ රැඳවියෙකු මෙලෙස පළා යාමට උත්සාහකර ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ.








