FAST NEWS

24×7 Around the Globe

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (17) පෙරවරුවේ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙම තීන්දුව දී තිබේ.

තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගොනු කර තිබූ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත් ද අද කොළඹ මහාධිකරණයේදී යළි කැඳවීමට නියමිත වේ.

මෙම වසරේ අප්‍රේල් 21 වන දාට යෙදී තිබුණු පාස්කු ඉරිදා දිනයේ එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුලින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීම යන චෝදනා මොවුන්ට එල්ල වී තිබේ.