FAST NEWS

24×7 Around the Globe

හෙට සිට වැසි වැඩි වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයින පුරාවිශේෂයෙන් උතුරුනැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට (17)  සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු,නැගෙනහිරසහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ.සබරගමුවසහමධ්‍යම පළාත්වලත්ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලඋදැසන කාලයේදීද වැසි ඇතිවිය හැක.

වයඹ පළාතෙත් මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ අංශය කාරුණිකව ඉල්ලා සිටි.