(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික තිරිඟු පිටි සඳහා මෙතෙක් පැවැති කිලෝග්රෑමයකට රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර තිබෙනවා.
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්යානංශය වෙනුවට කිලෝග්රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී ඇති බවයි.
මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මඟින් දෙසැම්බර් මස 14 වන දින සිට ක්‍රියාත්මක වේ.
මෙරටට අවශ්‍ය තිරිඟු පිටි අවශ්‍යතාවය සපුරනු ලැබුවේ තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීමෙනි.
පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.








