(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය සඳහා පත් කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඒ අනුව මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ පත්ව ඇත.
මේ අනුව 2019 දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේගේ පත්වීම බලපැවැත්වෙනු ඇති අතර සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වෙයි.








