FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (17) පෙරවරු 8 සිට පැය 24 ක ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

මෙම ජල කප්පාදුව පෑලියගොඩ ,වත්තල , කටුනායක , සීදුව සහ ජා-ඇළ යන නගර සභා බල ප්‍රදේශ සඳහා බලාත්මක වේ.

මහර , බියගම , දොම්පේ , කැලණිය සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහාද හෙට පෙරවරු 8 සිට පැය 24 ක් ජලය සැපයෙන්නේ නැහැ.

මේ අතර කලුතර ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8 සිට පැය එකොළහමාරක ජල කප්පාදුවක් බලාත්මකයි.

වාද්දුව , වස්කඩුව , නාගොඩ , මග්ගොන , බේරුවල , අලුත්ගම සහ ඛෙන්තොට ඊට අයත් වේ.