(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරෙන්තුකරුවන් 340 දෙනෙකු බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 197 දෙනෙකු හා දින වරෙන්තුකරුවන් 143 දෙනෙක් ද ඒ අතර වෙති.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම මත මෙම විශේෂ මෙහෙයුම ඊයේ ක්‍රියාත්මක කෙරුණේය.
අදාළ අධිකරණ වෙත අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් අද (16) දිනයේ ඉදිරිපත් කිරිමට නියමිතයි.








