FAST NEWS

24×7 Around the Globe

ස්විස් නිලධාරිනිය අද මනෝ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගියදා අධිකරණය කල නියෝගයකට අනුව පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව අද (16) මනෝ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය තිබේ. 

අදාළ වෛද්‍ය වාර්තා හෙට දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නැමැති මෙම කාන්තාවට හෙට දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පැණවීමටත් අධිකරණය පසුගියදා නියෝග කළේය.