(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට රතු ළුණු කිලෝවක මිල රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය තුළ රතු ළුණු කිලෝවක තොග මිල සටහන් වන්නේ රුපියල් 300 ත් 500 ත් අතර බව එහි වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක සඳහන් කළේය.
දේශීය ළුණු වගාවට දිගින් දිගටම පැවති වර්ෂාවත් සමඟ බාධා එල්ල වීම නිසා ළුණු ආනයනය කිරීමට සිදුව තිබේ.
එමෙන්ම පැවති වර්ෂාවත් සමඟ අස්වනු විනාශ වීම නිසා මේ දිනවල වෙළඳපොලේ එළවළු මිලද සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.






