(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතය.
මෙහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතව ඇති අතර , ඉදිරි මහමැතිවරණයට අදාළව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති බව වාර්තා වෙයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නායකත්වය සතු බලතල පිළිබදව අධ්‍යයනය කර සිදුකළ යුතු වෙනස්කම් පිළිබද යෝජනා ඉදිරිපත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ නීතිඥ කණ්ඩායමට දැනුම් දී ඇති බවද තොරතුරු වාර්තා වෙයි.








