(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෙලිඅත්ත නඟරයේ විවිධ ස්ථානවල සොරකම් සහ කොල්ලකෑම් වලට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බෙලිඅත්ත පොලිසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව සොරකම්කළ රත්‍රං භාණ්ඩ තොගයක් ද පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වල තිබී පොලිස් භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා ඊයේ (14) පස්වරුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී සැකකරුවන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.








