(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා අදාළ කටයුතු සඳහා මේ වන විටත් අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා කඩිනමින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.








