(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට නිෂ්පාදනය කරන සිමෙන්ති සහ විදෙස් රටවලින් සිමෙන්ති, තොග වශයෙන් මෙරටට ගෙනවිත් වෙළඳපලට නිකුත් කරන සිමෙන්ති වල මිල පහත දමා ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
ඒ අනුව VAT ඇතුළු බදු අඩුවීම මත 50 Kg සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කර ඇති බවත් එම මිල අඩු කිරීම ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (14) කියා සිටියේය.
ඒ අනුව, මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක දැනට පවතින රුපියල් 1095 ක මිල, රුපියල් 995 දක්වා අඩු කෙරෙනු ඇති.








