FAST NEWS

24×7 Around the Globe

ගාල්ල මහනගර සභාවේ අයවැය සම්මත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩි ඡන්ද 19කින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ගාල්ල මහනගර සභාවේ අයවැය සම්මත වී තිබේ.

නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3ක් පමණයි.

අයවැයට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ මෛත්‍රී ගුණරත්නගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා ද ඡන්දය භාවිත කර තිබුණේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තුන් දෙනා පමණක් අයවැයට විරුද්ධ වී ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයෙන් පිටව ගොස් තිබුණි.