FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් උසස් කිරීමට නව ක්‍රමවේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරක්ෂක අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව නව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් වැඩ බලන පොලිස්පති සී .ඩි වික්‍රමරත්නට උපදෙස් ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේය.

නව රජයේ සංකල්පයකට අනුව ආරක්ෂක සේවයේ උසස්වීම් ලබා දීම සම්බන්ධව ඇති ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යනය කිරිමෙන් පසු උසස් වීමේ පටිපාටිය සඳහා නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරිමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

සුදුසුකම් ලත් නිළධාරින් සඳහා ඒ අනුව විධිමත් අයුරින් උසස්වීම් ලබා දීමේ වැඩපිළිවෙල සකස් කිරිමෙන් අනතුරුව එය ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.