(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති කාර්යාලය විසින් ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සිදුකරන ඇතැම් වංචනික ක්රියා සම්බන්ධයෙන් වහා පොලිසිය දැනුවත් කරන්නැයි ජනතාවට දැනුම් දෙයි.
ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව පවසා ඇතැම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධ බලපෑම් කිරීම් / බියගැන්වීම් සහ රැකියා ලබාදෙන බවට පොරොන්දුවීම් වැනි නොයෙක් වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙවැනි ක්රියා ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති කාර්යාලයේ අනුදැනුමකින් තොරව සිදුවන බව මහජනතාව වෙත කාරුණිකව දැනුම්දෙන අතර එවැනි ක්රියා පිළිබඳව තොරතුරු ලද වහාම පොලිස් ස්ථානයක් වෙත දන්වන ලෙසත්,එවැනි ක්රියාවලට හසුනොවන ලෙසත් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.








