(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන ආකාරයට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට අද (14) රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලට ඒ අනුව මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.
මෙම කාලසීමාව තුළදී කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.








