FAST NEWS

24×7 Around the Globe

සිරිකොත විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබද සාකච්ඡාවක් අද (13) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට එක් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර කථානායක කරු ජයසූරිය පක්ෂ නායකයා ලෙස නම් කර නායකත්ව මණ්ඩලයක් මගින් ඉදිරි මහමැතිවරණය මෙහෙය විය යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.

මෙම සාකච්ඡාව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර පැවැත්වෙන බව වාර්තාවේ.