
රඹෑව ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අනුරාධපුර, රඹෑව ප්‍රදේශීය සභාවේ 2020 අයවැය ඊයේ (12) පරාජයට පත්විය.
එහිදී මේ සඳහා විවෘත ඡන්ද විමසීමක් සිදුවූ අතර අයවැයට පක්ෂව ඡන්ද 3ක් ද විරුද්ධව ඡන්ද 16 ක් ද හිමි විය.
රඹෑව ප්‍රදේශීය සභාවේ අයවැය ඒ අනුව වැඩි ඡන්ද 13කින් ඊයේ පරාජයට පත් විණ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රඹෑව ප්‍රදේශීය සභාවට අයත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙහි විශේෂත්වය වේ.