FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමට පොලිස් නිලධාරින් කීපදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (13) සාක්ෂි දීමට නියමිතව තිබේ.

පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් ඊයේ(12) කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

ප්‍රහාරයෙන් දින 02කට පසු ඒ පිළිබඳ තමා දැනුම්වත් බවට හැඟවෙන ලේඛනයක් පොලිස් පොත්වලට අන්තර් ගත කරන ලෙස එවකට කොළඹ උතුර භාර පොලිස් අධිකාරවරයා ලෙස කටයුතු කළ සංජීව බණ්ඩාරගෙන් බලපෑම් එල්ල වු බව එහිදී උප පොලිස් පරීක්ෂක ආර්.එම් ලහිරු ප්‍රදීප් උදයංග සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයා සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ප්‍රහාර පිළිබඳ පෙර දැනුම් දීමක් සිදුකර නොතැබුණු බවයි.

ප්‍රහාරයෙන් දින 02කට පසු එවකට උතුර භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර තමා ඔහුගේ කාර්යාලයට කැඳවා ප්‍රහාරය පිළිබඳ ලේඛනයක් ජම්පටා පොලිස් මුරපළේ පොතට ඇතුළු කරන ලෙස දැනුම් දුන් බව උප පොලිස් පරීක්ෂක ළහිරු ප්‍රදීප් ප්‍රකාශ කළේය.

එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ට මෝදර පොලිස් ස්ථානයටත් පසුව වාරියපළ පොලිස් ස්ථානයටත් ස්ථාන මාරුවීම් ලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.