(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසර සඳහා රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ රජයේ සමාගම්වල සේවක මණ්ඩලවලට ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබේ.
මේ සම්බන්ධයෙන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව, පසුගිය වසරේ ලබාදුන් ආකාරයට 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කර ගනිමින් ප්‍රසාද දීමනා ගෙවන ලෙසට දැනුම්දී ඇත.
තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නොමැති අවස්ථාවක වුව ද, රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මේ වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට ද අවසරය හිමිව තිබේ.








