FAST NEWS

24×7 Around the Globe

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ විදෙස් තහනම දීර්ඝවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැහැරගැනිමට ලක්වු බව කියන සුවිස් තානාපති කාර්යාල නිලධාරිනි වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ට පනවා තිබු විදෙස ගමන් තහනම මෙම මස 17 තෙක් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක පැහැරගෙනගොස් තර්ජනය කර මුදා හැරීමේ සිද්ධියක් පිළිබඳ එම තානාපති කාර්යාලයේ දෙවන නිළධාරියෙකු විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාලවයි මෙම විමර්ශණය සිදුවන්නේ.