(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වද සැත්කම් සිදුකල බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂියාබ්දීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.
අද දිනයේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය බව දැනුම් දී ඇත.
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන් එරෙහිව විභාග වන නඩුවට පෙනී සිටීම සඳහා සාෆි ෂිහාබ්දීන් අද පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
අයථා ලෙස මුදල් ඉපයීම, ත්රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.








