(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (12) පස්වරු 6 ට පැවැත් වේ.
ඒ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදියි.
මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය මෙන්ම සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පැමිණෙන ලෙස දන්වා තිබේ.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ආණ්ඩු පක්ෂ සාකච්ඡාව මෙය වන බව වැඩිදුරටත් වාර්තා වේ.








