FAST NEWS

24×7 Around the Globe

ජපාන විදේශ ඇමති දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (12) ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්ෂු සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

නව රජයට සුබ පැතුම් එක් කරමින් දෙරට අතර පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට වාර්තා වේ.

අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන විදේශ අමාත්‍යවරයා ලබන සෙනසුරාදා දක්වා දිවයිනේ රැදී සිටීයි.

එම කාලය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවීමට නියමිතයි.