(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.
විභාගය අවසන් වීමෙන් පසු කළහකාරී ලෙස හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.
එලෙස හැසිරෙන අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඔහු වැඩිදුරටත් කියා සිටියේය.








