FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරු වාර්තාවක් ජනපති වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාවක් ලබන 22 වැනි දා ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබේ.

ඊයේ (10) දිනයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් බව එම කොමිසම සඳහන් කළේය.

කොමිසමේ ඇරයුමකට අනුව මෙම සාක්ෂි ලබාදීම සිදු කර තිබේ.

මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ පුද්ගලයින් 20 කට අධික පිරිසක් සාක්ෂි ලබා දී ඇති අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඒ අතර වේ.

ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 106 කි.

සාක්ෂි විමසීම තවදුරටත් සිදුවන බව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම පැවසුවේ ය.