FAST NEWS

24×7 Around the Globe

අද දිනයේත් පළාත් කිහිපයකට තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) දිනයේ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75ත්, 100ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට පැවති තද වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.