FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගර සීමාවට ඇතුල් වන වාහනවලින් ගාස්තුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ නගර සීමාවට ඇතුළු වන රථ වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් ඊට විසඳුමක් ලෙස පෞද්ගලික රථ වාහන ඇතුළුවීම සිමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. 

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ රථ වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් ඇති වන මාර්ග තදබදය පාලනය කළ නොහැකි වී ඇති බවයි.

මේ නිසා කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයකට ලක් කිරීමටත් ඒ සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමටත් එම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

මීට අමතරව ජනතාවට විධිමත් පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම හරහාද රථ වාහන තදබදය අවම කිරීම සම්බන්ධයෙන්ද රජය කරුණු සොයා බලන බව අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙයි.

මේ සඳහා සුඛෝපභෝගී පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.