(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් කොළඹ නගරයේ එක් රැස් වන කසල පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන කසල අංගනයකට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම කසල වියලීමක් සිදුකර අනතුරුව අරුවක්කාලු කසල අංගනයට ප්‍රවාහනය කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
පසුගිය ආණ්ඩු සමයේ මෙම වැඩපිළිවෙල සිදුනොවූ අතර, එක්රැස් වන කසල ඒ ආකාරයෙන්ම අරුවක්කාලු කසල අංගනයට ප්‍රවාහනය කිරීම හේතුවෙන් අර්බුද රැසක් හට ගත් බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේය.
කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ රැගෙන ආ ලොරි රථ පෙළකට පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (09) ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල විය.








