(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී මෙතෙක් හමුනොවූ දුම්කොළ සහ මධ්‍යසාර අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ.
මේවා රැගෙන ඩුබායිහි සිට පැමිණි කොළඹ අලුත්කඩේ පදිංචි49 හැවිරිදි පුද්යෙගලකු අද(09) උදැසන කටුනායකදී මිගමුව සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිගමුව සුරාබදු කාර්යාලයේ 698 සමරකෝන් නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළේය.
මෙම මත්ද්‍රව්‍ය සුරා බදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවත් පල්පයක් ලෙස සකස්කර විවිධ පලතුරු වර්ගවල කෘතීම රසයන් ගෙන් රසකර සිත්ගන්නා සුළු ඇසුරුමක මෙම මත්ද්‍රව්‍ය අසුරා ඇති අතර මේ නිසා මෙය ඉක්මනින් තරුණ කණ්ඩායම් පාසල් දරුවන් අතරේ ප්‍රචලිත වීමේ අවධානමක් ඇති බව ප්‍රධාන සුරාබදු නිලධාරී රොෂාන් පෙරේරා පවසනවා.
මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අනුව සැකකරු රාත්‍රී සමාජශාලා හෝටල්සමග කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇතිබව අනාවරණය වී ඇතිඅතර සහකාර සුරාබදු කොමසාරිස් පි බි ධර්මතිලක මහතාගේ උපදෙස් පරිදි සුරාබදු අධිකාරී අජිත් උපුල් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.








