(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් අද ආරම්භ කිරීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා ඇති බව වාර්තා වේ.
මෙමෙ සාකච්ඡා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරි දිනකදී පැවැත්වෙන බවයි.
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ විවිධ මත ගැටුම් හටගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ගත යුතු බව ඔහු කියා සිටියේය.








