(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී වෙත කොමිෂන් සභාවේ තීරණය දැනුම් දීම ඒ අනුව හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී නියමිතව ඇත.
අනතුරුව රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාගෙන් පසු වැඩි මනාප ලබා ඇති පුද්ගලයා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නම් කර එවීම තේරීම් භාර නිලධාරී විසින් සිදුකරනු ලබයි.
ඒ අනුව 2015 මහ මැතිවරණයේදී රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාට පසුව වැඩිම මනාප ලබාගෙන ඇත්තේ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරඟ කළ වරුණ ලියනගේයි.
නිවිතිගල එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ලෙස ඔහු මේ වනවිට කටයුතු කරනු ලැබේ.








