FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලබාදුන් තීන්දුව පිළිබඳව ඉදිරි පියවර සම්බන්ධයෙන් අද (9) අවසන් තීරණයක් ගනු ඇති බවට ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව බොහෝ දුරට නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙනු ඇති අතර ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය මෙන්ම යුද හමුදාපතිවරයා සාකච්ඡා කර තීරණයක් ගනු ඇත.

පසුගිය වසරේ නිදහස් දිනය දා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවයකදී එහි ආරක්ෂක අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකිරීමේ සිද්ධියට වරදකරු කරමින් වෙස්මිනිස්ටර් අධිකරණය ස්ටර්ලිං පවුම් 2400ක දඩයක් නියම කරනු ලැබුවේ පසුගිය 6 වන දායි.

කෙසේ වෙතත්, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමිවන බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේය.