(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ(08) පස්වරුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ඉන් පිටව ගොස් තිබේ.
එම නිලධාරිනිය සමඟ තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු මෙම අවස්ථාවට පැමිණ සිට ඇති බව වාර්තා වේ.
ස්විස් තානාපති නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05කට ආසන්න කාලයක් සිය ප්‍රකාශ ලබා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරු ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇති බව සඳහන්ය.








