FAST NEWS

24×7 Around the Globe

අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ අවසන් කටයුතු අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. 

රංජිත් සොයිසා මහතාගේ දේහය මේ වන විට රත්නපුර ගොඩගකවෙල මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත විය.

මියයන විට මන්ත්‍රීවරයා පසුවූයේ 57 හැවිරිදි වියේයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 02 ට ගොඩකවෙල මහඡන ක්‍රිඩාංගණයේදි සිදු කිරීමට නියමිතයි.