FAST NEWS

24×7 Around the Globe

අගරදගුරු හිමිපාණන් පැය දෙකහමාරක් සාක්‍ෂි දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෙවන දිනටත් අද(07) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

අද පෙරවරු 9.30ට පමණ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණි කාදිනල් හිමිපාණන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දී තිබේ.

ඊයේ දිනද පැය 04ක පමණ කාලයක් කාදිනල් හිමිපාණන් මෙම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.