(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය ගරු අබ්දුල්ලා ෂාහීඩ් මහතා සහ ගරු කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදුවිය.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඔමාර් අබ්දුල් රසාක් මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී කඩීජා නජීහා මෙනෙවියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.








