(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් යොදා ගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.
මහා භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද චක්‍රලේඛයක් මේ වන විට සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත යවා තිබේ.
ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හේතුවෙන් රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී ඇත.
වාහන, ගමන් බිමන්, ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට ඇතුලත් කර තිබේ.
තවද නව වාහන මිළදී ගැනීම්, කාර්යාල උපකරණ මිළදී ගැනීම් සහ ගොඩනැගිලි කුළියට ගැනීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවද මහා භාණ්ඩාගාරය නිකුත් කල චක්‍රලේඛයේ වැඩුදුරටත් සඳහන් වේ.








